කිසිඳු මැතිවරණයක් සඳහා භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් නොකරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පෙන්වා දෙන්නේ පක්ෂයේ ප්‍රතිපත්තියක් මත අදාළ තීරණය ක්‍රියාත්මක කරන බවයි.
බෞද්ධ ආගමට පවතින ගෞරවය හේතුවෙන් මැතිවරණ සඳහා භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් නොකිරීමට තම පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි බලංගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ.