World

බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් දිවියට සමුදෙයි

අභාවප්‍රාප්ත බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අවසන් කටයුතු ඊයේ (15)දින සිදු කළේය.

ඒ ඔහු වාසය කළ මුම්බායි නගරයේදීයි.

“පීකේ“ , “එම් එස් දෝනී“ – “දි අන්ටෝල්ඩ් ස්ටෝරි“, සහ “චිච්චෝරේ“ වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් බොලිවුඩ් රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය බොලිවුඩය පමණක් නොව සමස්ත ලෝකයේම බොලිවුඩ් සිනමා ලෝලීන් කම්පනයට පත් කළේය.

ඔහු රංගන දායකත්වය සැපයූ චිත්‍රපට අතරින් හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ එම් එස් දෝනී – දි අන්ටෝල්ඩ් ස්ටෝරි හි සිදුකළ රංගනය දැඩි ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගත්තේය.

රූපවාහිනී දීර්ඝ ටෙලිනාට්‍ය ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි ඔහු බොලිවුඩය හා එක්වුණේ 2013 වර්ෂයේදීයි.

එදා සිට මේ දක්වා චිත්‍රපට 11 කට ඔහු රංගන දායකත්වය සපයා ඇති අතර අවසන් චිත්‍රපටය ඉදිරියේ දී එළිදැක්වීමට නියමිතව තිබේ.

සුශාන්ත් මුම්බායි හි පිහිටි සිය නිවසේදී දිවි නසාගෙන තිබුණේ පසුගිය ඉරිදායි.

ඒ වන විට ඔහු 34 වන වියේ පසු විය.

කලක් විශාදය රෝගයටත් ඔහු ගොදුරුවී සිටි බවට වාර්තා පල විය.

කෙසේ වෙතත් සුශාන්ත් දිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නැහැ.

සුශාන්ත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මුම්බායිහි පවන් හාන්ස් ආදාහනාගාරයේදී සිදු කෙරුණි.

ඒ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.

Related posts

සෞදි ඉන්ධන ගබඩාවකට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

අමෙරිකාවේ දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි

colombotoday

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ට කොවිඩ්

colombotoday

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

colombotoday

ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයි

colombotoday