Colombo Today Local News

බිරියන් 4යි… ළමයි 28යි… රුපියලක ආදායමක් නෑ, නඩත්තුව පල්ලියෙන් – උස් තාප්පයකින් වටවූ මීගමුවේ ගෙදරක වෙච්ච දෙයක් !

මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ඊයේ සෝදිසි මෙහෙයුමක් දියත් කරන අවස්ථාවේ උස් තාප්ප වලින් වටවූ ගොඩනැගිල්ලක් පරික්ෂාවට ලක් කෙරිණි.

එම ගොඩනැගිල්ල තුළ එක් පිරිමි පුද්ගලයෙක් සමග කාන්තාවන් හතර දෙනෙක් සහ වයස අවුරුදු 10-18 වයසේ පසුවන දරුවන් 28 දෙනෙකු සිට ඇති අතර, ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ එම පරිමි පුද්ගලයා එහි සිටි දරුවන් 28 දෙනාගේ පියා බවයි.

එම ගොඩනැගිල්ල තුළ පන්ති හා දේශන පැවැත්වූ බවට සාදක දැකගැනීමට හැකි වූ අතර දරුවන්ගේ පියා පැවසුවේ එහිදී දරුවන්ට කුරාණය, හදීස්, විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි උගන්වන බවයි. දරුවන් රජයේ පාසලකට නොයවන බවත්, උසස් පෙළ/සාමාන්‍ය පෙළ පුද්ගලික අයදුම් කරන බවත් හෙතෙම සදහන් කර ඇත.

බැලූ බැල්මට මෙම පුද්ගලයා කිසිදු ආදායමක් නැති අයෙක් බවට පෙනීගිය අතර ආරක්ෂක අංශ විමසීමේදී ඔහු කියා සිටියේ, දරුවන්ගේ මවගේ ඥාතීන් සහ පල්ලියෙන් උපකාර ලැබෙන බවයි.

https://www.facebook.com/Malith44/videos/420538685434070/

Related posts

ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන් ගැන ආරක්ෂක අංශ සොයා බැලීම් නවත්තන්නැයි රජයට අනතුරු ඇඟවීමක්

colombotoday

ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තවත් සියයට 1ක් කපාහරී

Admin

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට CID කණ්ඩායමක් ඩුබායි යති..

colombotoday

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

colombotoday

නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගෙන් නිවේදනයක් !

colombotoday

මදූෂ්ගේ අවසාන කටයුතු සිදුවෙන ආකාරය

colombotoday