Colombo Today Local News

බහුතරය පෙන්නුවත් රනිල්ට අගමැතිකම දෙන්නෑමයි – ජනපති නැවතත් තහවුරු කරයි…

අගමැති ධුරයෙන් පහකරන ලද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ 113 කට වැඩි බහුතර බලයක් ඇතයි සහතික කලත් තමා ජනාධිපති ධුරයේ සිටින තෙක් ඔහුට යළි අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවා ඊයේ (16) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය පිළිගත නොහැකි බව දැනුම් දී තිබේ.

එමෙන්ම ඔවුන් බහුතරය පෙන්වූ ආකාරය ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා විසින් පත්කර සිටි ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

“රනිල් වික්‍රමසිංහ එක්ක කොයි විදියටවත් ආණ්ඩුවක් කරන්නේ නෑ කීව. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා අපිට වැඩ ටික කරගෙන යන්න කීව,” ඔහු පැවසීය.

ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදීය.

Related posts

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට

colombotoday

මහින්දගේ ආරක්ෂාව 2/3ක් කපලා

Admin

ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්

Admin

මස්සිනාගේ පොරෝ පහරින් මස්සිනා මරු දකී

Admin

සම්බන්ධන්ට රජයේ ඇමතිධුරයක්… විපක්ෂ නායකකමින් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday

සිංහල පොලිසිය ශ්‍රී ලාංකික පොලිසිය විය යුතුයි.. උතුරේ  දමිල තරුණයින් වැඩි වැඩියෙන් පොලිසියට එක්විය යුතුයි

colombotoday