Colombo Today Local News

බස්නාහිර පළාතේ පැය 24ක් තුළ සිදු කල විශේෂ මෙහෙයුම

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,280ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ මෙහෙයුම ඊයේ (06)දින උදෑසන 6 සිට සවස 6 දක්වා සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

එහිදී වරෙන්තු සැකකරුවන් 519 දෙනෙක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 73ක් හා දූෂණ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 637ක් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර සිදුකර ඇති හෙරොයින් වැටලීම් අතර, බොරලැස්ගමුවේ දී හෙරොයින් ග්‍රෑම් 63යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අඟුලාන පොලීසිය විසින් හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 180ක් සමග සැකකරුවෙක් හා ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 740ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

උතුම් මැදින් පුන් පොහොය අදයි !

colombotoday

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday

යුරියා මිටියක් 7000කින් අඩු කරන්න එකඟ වෙයි

Admin

ජවිපෙන් මරපු අය ගැන තොරතුරු දෙන්න – සජබෙ රෝහිණී ගූගල් ලින්ක් එකක් දායි

colombotoday

ලංගමයට බස්රථ 500ක් මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය…

colombotoday