Colombo Today Local News

බලංගොඩදී අමානුෂික ලෙස අපයෝජනයට ලක් වූ දැරිය මියයි

බලංගොඩ, රාවණා කන්ද ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් අමානුෂික ලෙස අපයෝජනය කර සිටිය දී, බලංගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07)දින සවස සිදුකර ඇති අතර, එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් දැරියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි වාර්තාවක් ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් 24 හැවිරිදි බලංගොඩ, සින්නවල, ගයිවත්ත ප්‍රදේශයේ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

උසස් පෙළ සඳහා බලංගොඩ ප්‍රසිද්ධ පාසලක් වෙත ඇතුළත් වීමට තිබු බැවින් අලුත් ඇඳුමක් මැසීමට දී එය ලබා ගැනීමට බලංගොඩ නගරයට ගිය අවස්ථාවේ දී ඇය අතුරුදන්ව තිබේ.

පසුව දෙමාපියන් විසින් පොලීසියට දැරිය අතුරුදන්ව ඇතැයි පැමිණිලි කර ඇති අතර, පසුදින දැරිය සිටින ස්ථානයක් පිළිබඳව ද දෙමාපියන්ට දැනගැනීමට ලැබී ඇත.

ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කළත් ඔවුන් දැරිය ඇති ස්ථානයට නොගිය බැවින් තමා හා තවත් පිරිසක් අදාළ ස්ථානයට ගිය බව මියගිය දැරියගේ පියා පවසයි.

නිවසක ඇඳක් මත තම දියණිය වැතිර සිටි බවත් එහිදී සැකකරු අල්ලා බලංගොඩ පොලීසියට බාර දුන් බවත් පැවසු ඔහු, දැරිය වහාම බලංගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පසුව ඇයට සැත්කමක් සිදුකර ඇති බව රෝහලෙන් පැවසු බව ද කියාසිටි මියගිය දැරියගේ පියා ඉන්අනතුරුව දැරිය මියගොස් ඇතැයි පැවසු බව ද හැඬු කඳුළින් කියා සිටියේය.

“ළමයා කතා කරේ නෑ. ඇස් දෙක ඇරලා බැලුවා” යැයි ද ඔහු පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 22 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජල බලවේගයේ රජයක් – පා.ම නලින් බණ්ඩාර

colombotoday

නිවස වටලතැයි අලි සබ්‍රි බියකින් – ඉල්ලා අස්වී දවසින් පැන යාමට හේතුව කියයි.

colombotoday

ලසන්ත සමග දුරකථන සංවාදයේ හඩ පටය ගැන මහින්ද කතා කරයි

colombotoday

ගලවා ඉවත්කළ පුනරීන් කඳවුර වෙනත් තැනක ඉදිකිරීමත් ටී.එන්.ඒ. විරෝධයෙන් නවතී

colombotoday

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday