Colombo Today Local News

“බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ“ – ජනබල විරෝධය ගැන අගමැති කියයි

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාව අසාර්ථක විරෝධතාවක් වුවත් මාධ්‍ය එය සාර්ථක බවට පවසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විමට හලාවතදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරය මේ බව පැවැසීය.

“සැප්තැම්බර් පස් වැනිදා උද්ඝෝෂණය මාධ්‍යයෙන් පෙන්වූයේ මේක විශාල බලවේගයක් ආණ්ඩුව වට්ටන බලවේගයක්, මාව පන්නනවා, ජනපති පන්නනවා, බලය ගන්නවා බලය අරගෙන තමයි යන්නේ කියලා.

අන්තිමට කාමර 25ක්ද 30ක්ද අරගත්තා ෂැංග්‍රීලා හෝටලයෙන්. පළවෙනි ඇමැති කණ්ඩායම එතන තමයි ඉන්න ගියේ දිවුරුම් දුන්නට පස්සේ ගෝල්ෆේස් පිට්ටනියේ. අන්තිමට මොකද වුණේ බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ. දැන් මාධ්‍ය යෙන් බනින්නේ අපිට විතරයි.

මිනිස්සුත් බනිනවා අසාර්ථක උද්ඝෝෂණයක් කළා කියලා. මන්ත්‍රීවරු බැනලා තියෙනවා. මාධ්‍යයෙන් බනින්නේ නෑ. ඒකයි පුදුමේ. ඉරිදා පත්තර සාර්ථකම එකලු (කියලා කියනවා).”

Related posts

ත්‍රිකුණාමළය සාම්පල්තිව් හන්දියේ බෝධීන් වහන්සේ කපා දමලා… පිළිම ගෙයත් වනසලා!

colombotoday

හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර ඉවත්වෙයි

colombotoday

“පෝයට බාර් වැසීමෙන් මත්පැන් බීම වැඩිවෙනවා.. බියර්, වයින් මිලටත් වෙනසක් ඕන“ – මුදල් ඇමති

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 99 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

ප්‍රභාකරන් වගේ, පුතුන් දෙදෙනාත් අරගලයට එක් කරගන්න – නිමල්කා විග්නේෂ්වරන්ට කියයි

colombotoday