Colombo Today Local News

බදියුදීන් අයිය මලෝගේ ජාවාරමෙන් ලංකාවේ ගම්මිරිස් කර්මාන්තය හාන්සියි…

ජාත්‍යන්තර වෙළදපොලේ ලංකාවේ ගම්මිරිස් සදහා මිළ පහත වැටීමට හේතුව ඇමති රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා විසින් සිදු කරමින් පවතින මහා පරිමාණ ජාවරමක් බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය පවසයි.

අමාත්‍යවරයාගේ සහෝදරයා විසින් වියට්නාමයෙන් ගම්මිරිස් ආනයනය කර අමාත්‍යවරයා යටතේ පවතින වාණිජ දෙපාර්තමේන්තුව හරහා ‘මේඩ් ඉන් ශ්‍රි ලංකා‘ ලෙස සහතික කර ඉන්දියාවට අපනයනය කරමින්, ශ්‍රී ලංකාවේ ගම්මිරිස් සදහා ඉන්දියාව ලබා දී ඇති බදු සහන උපයෝගී කරගෙන මෙම ජාවාරම සිදුවන බවත් එම සංවිධානය හෙළිකරව්කර සිටී.

පසුගිය මාස අට ඇතුළත ගම්මිරිස් කන්ටේනර් 120ක් මෙලෙස ඉන්දියාවට යවා ඇති බවත්, රුපියල් 1800ට තිබූ ගම්මිරිස් කිලෝවක මිළ රුපියල් 600 දක්වා පහත වැටීමට එය හේතුවී තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

දූෂණයට වංචාවට එරෙහිව පත්වූ යහපාලන රජයේ ඇමතිවරුන්ගේ දූෂණ වංචාවලට එරෙහිවන නිලධාරීන් ඉවත්කිරීමට රජයේ ඇමතිවරුන්ම ක්‍රියා කරන බවත්, එලෙස රේගු අධ්‍යක්ෂකවරිය ඉවත් කිරීමට එරෙහිව ඇතිවූ වෘත්තීය සමිත වර්ජනයට සියල්ලම එක්ව සහය දුන් නිසා රජයට පියවරක් පසුපසට ගැනීමට සිදුවූ බවද තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

https://www.facebook.com/100014398575270/videos/532540993902515/

Related posts

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවේ

Admin

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday

වසර 60කට ඇති තරම් ගෑස් හා තෙල් නිධි මන්නාරම් මුහුදේ.. විශේෂ වාර්තාවක් හෙළි කරයි!

colombotoday

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස් කරනවා… මම බහුතරය පෙන්වනවා…

colombotoday