Colombo Today Local News

පෝස්ටර් ගසා, ජනපතිගේ පරමාදර්ශය කෙළෙසන අයට සමාජ ජාලාවල බලු බැණුම්…

ලෝකයේ ප්‍රථම කාබන් විමෝචක මැතිවරණ ව්‍යාපාරය හදුන්වා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර සුවිශේෂී වෙනසක ලක් කළේය. මැතිවරණයට අවතීර්ණ වෙමින් හෙතෙම කියා සිටියේ තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාර පුරාවට පෝස්ටර්, පොලිතීන් ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා නොගන්නා ලෙසයි. ඒ අනුව සෙසු ජනාධීපති අපේක්ෂකයන්ද මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට ඉදිරිපත් වූ බැවින් මෙවර ජනාධිපතිවරණය පරිසර හානි අවම මැතිවරණයක් බවට පත්විය.

ජනාධිපති ධුරයට පත්ව සිය පළමු කතාවේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ තමන් හදුන්වා දුන් පරමාදර්ශ හානියට ලක් නොකර සාමකාමීව, ගෞරවාන්විතව ජයග්‍රහණය සමරන ලෙසයි.

එහෙත් එම ප්‍රකාශයෙන් පැය විසි හතරක් ඉක්ම යන්නට මත්තෙන් ඇතැම් දේශපාලකයන් විසින් සිය රුව සහිතව ජනාධීපතිවරයාට සුබ පතන පොස්ටර් අලවමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පරමාදර්ශය කෙළෙසීමට පටන්ගෙන ඇත.

බස්නාහිර හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය විසින් කොළඹ නගරය පුරා අලවා ඇති එවැනි පොස්ටරයකට සමජා ජාලාවල දැඩි විරෝධය එල්ල වී තිබේ.

මෙරට සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වූ අලුත් රටක් නව දැක්මක වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රවේශය පුදනකොටම කාපි යකා කියා කෙළෙසා දමන්නට උත්සහ කරන මෙවැනි අවස්ථාවාදී මරි මෝඩයන් වහ වහාම දේශපාලන පිටියෙන් පන්නා ඈත් කර තැබීමට ඉක්මන් විය යුතුය.

Related posts

“වල්බූරු සංහිදියාව” විශ්වවිද්‍යාලයටත් රිංගයි.. එක් අයෙකුට ආගම අදහන්න දෙසීයකට විභාගය ප්‍රමාද කරවලා !

colombotoday

ඔබත් දුම්බෝන්නෙක් ද? එසේනම්, කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට වැඩි ඉඩක්..

colombotoday

කොටවෙහෙර විහාරයේ කරඬු හොරු අල්ලන්න මහජන සහය පතයි

colombotoday

ජූනි මස 05 සහ 06 දිවයිනේ සියළු සුරාසැල් වැසේ

colombotoday

ඉන්දු ශ්‍රී ලංකා අනාගත සම්බන්ධතා ගැන කතා කරන්න මහින්ද ඉන්දයාවට

colombotoday

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

colombotoday