Colombo Today Local News

පොලීසිය සාගලට, බන්ධනාගාරය ස්වාමිනාදන්ට

saagl-_svaamiනීතිය හා සාමය ඇමැති ලෙස සාගල රත්නායක සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ලෙස ඩී.එම්.ස්වාමිනාදන් මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දුන්නේය.

ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති ලේකම් කාර්යාලයේදී.

නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයාවූ තිලක් මාරපන ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සම්බන්ධ සිද්ධිය මත ඉල්ලා අස්විය.

ඇවන්ගාඩ් සමාගමේ කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු වී නොමැති බවත් පොලීසිය එම සමාගමට අයත් පාවෙන අවි ගබඩාවට කඩා පැන්නේ ලකුණු දමා ගැනීමට බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. තිලක් මාරපන මහතා මෙරට සිටින ජේෂ්ඨතම නීති විශාරදයෙක් වන අතර හිටපු නීතිපති වරයෙකුද වෙයි.

Related posts

ලෝකෙට ගිය යොහානිට ලංකාවෙන් සම්මානයක්

colombotoday

හතේ අපේ පොත ගැන අවසන් තීරණය අද !

colombotoday

කාන්තන්කුඩි, දර්ගා නගරය, මහනුවර, අකුරණ,කාන්තන්කුඩි, මඩවල රතිඤ්ඤා දල්වා සතුට සමරයි

colombotoday

ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි 65 කට උසාවි නියෝගයක්

colombotoday

වතුර පිරුණු වළකට වැටී දරුවෙක් මියයයි

colombotoday

මහලේකම් ධුරයෙන් දයාසිරි නෙරපයි

Admin