Colombo Today Local News

පොලිසියේ 3ක් ඇතුළු 4කට නීතිය ක්‍රියාත්මක කර නෑ… ශානිට එරෙහිව පැමිණිල්ලක්!

පීඩාකාරී ආයුධ සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළු සිව්දෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අධිකරණය හමුවට පමුණුවන ලෙස සහ ඔහුට විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා නීතිඥ ජාලිය සමරසිංහ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අනිද්දා (23 වැනිදා) නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (20 දා) තීරණය කළාය.

ශානිට එරෙහිව පැමිණිල්ලක්
අධිකරණය විසින් අවස්ථා දෙකකදී නියෝග කර තිබියදීත් සිය රාජකාරිය පැහැර හැරීමෙන් වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 216 වගන්තිය යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි පෙන්වා දෙමින් නීතිඥ ජාලිය සමරසිංහ මහතා ඊයේ පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ පුද්ගලික නඩුවක් පවරා තිබිණි.

සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එම නඩුව මඟහැර විදේශ ගතවීමේ සූදානමක් තිබෙන බවද නීතිඥ ජාලිය සමරසිංහ අධිකරණයට පෙන්වා දුන්නේය.

පීඩාකාරී ආයුධ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරුවන් ලෙස ද සම්පත් දේවගේ, සමීර සුසන්ත, දොන් සමරතුංග යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සහ ශිරන්ති සංජීවනී, අසංක නැලිගම යන දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් 2015 මාර්තු 04 දා සහ 2015 ජුලි 18 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවද නීතිඥ ජාලිය සමරසිංහ මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

Related posts

සමලිංගික සූත්‍ර ගෙනාපු මංගල සමරවීර ඉස්සරහට අපිට ජංගියත් නැති කරනවා – මාධ්‍ය හමුවකදී මංගලට කුණු බැණුම්

colombotoday

රන්වල ආචාර්ය උපාධිය ගේනකල් තමයි අපිත් බලන් ඉන්නේ

Admin

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday

ලංකාව ඇතුළු රටවල් 12කට සෞදියට ඇතුළුවීම තහනම්

colombotoday

මම මංත්‍රී වුනාට පස්සේ වාහනයක් වුවමනා වෙයි

Admin

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් සමග ඩීල් දැමීමේ අවශ්‍යතාවක් නැහැ – ජනපති කියයි

colombotoday