World

පොලිස් වෙඩිතැබීමකින් තවත් කළු ජාතිකයෙක් මරුට.. විරෝධතා උත්සන්න වෙයි

ලොස් ඇන්ජලීස් නගරයේ සිදුකළ පොලිස් වෙඩිතැබීමකින් 29 හැවිරිදි කළු ජාතික තරුණයෙක් මිය යෑමෙන් අනතුරුව එම ප්‍රදේශය පුරා විරෝධතා පැවැත්වේ.

ඊයේ (01)දින සවස 3:15ට පමණ නිලධාරීන් දෙදෙනෙක් බයිසිකලයකින් යමින් සිටි ඩිජෝන් කිසී නම් තරුණයෙක් නැවැත්වීමට උත්සාහ කර ඇති අතර එහිදී එම තරුණයා බයිසිකලයෙන් බැස දිවගොස් තිබේ.

ඔහු පසුපස හඹා ගිය නිලධාරීන් එම තරුණයාව අල්ලා ගැනීමට උත්සාහ කළ විට, ඔහු එක් පොලිස් නිලධාරියෙක් ට මුහුණට පහර දී තිබුණි.

නමුත් තමා සතු සියල්ල බිමට දැමීමට එම සැකකරු ක්‍රියා කළ බවත් ඒ අතර තුවක්කුවක් ද තිබු බවත් පොලීසිය පවසයි.

ඒ සමගම පොලිස් නිලධාරීන් දෙදෙනා එම තරුණයාට වෙඩි තබා තිබේ. ඒ හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබේ.

ඔහුට සාධාරණය ඉල්ලා මේවන විට තවත් විශාල පිරිසක් වීථි බැස විරෝධතා පවත්වති.

කෙනොෂා නම් ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු 23 වැනිදා පොලිස් වෙඩි තැබීමකින් ජැකොබ් බ්ලේක් නම් තවත් කළු ජාතිකයෙක් දරුණු තුවාල ලැබූ අතර මැයි මාසයේ දී මිනිආපොලිස් නම් ප්‍රදේශයේදී කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ද පොලිස් නිලධාරීන් අතින් මරණයට පත්විණි.

Related posts

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

කොරෝනා වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවීමක්

colombotoday

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Admin

නිව් යෝර්ක් නගරාධිපතිවරයෙක් බිට්කොයින් වලින් වැටුප් ඉල්ලයි

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

colombotoday