Colombo Today Local News

පොලිස් නිළ ඇදුම් ඇද ඡායාරූප ගත් මවුලවිවරයෙක් අත්අඩංගුවට…. ඇමති රිෂාඩ්ගේ උපදේශකයෙක්

සිදුකරන ලද සෝදිසි මෙහෙයුකදී පොලිස් නිළ ඇඳුමක් ඇඳ ඡායාරුප ගත් මුස්ලිම් මවුලවී වරයෙක් සැකපිට අත්අඩංගුවට ගත බව පොලිසිය සඳහන් කරනවා.

මෙම සැකකාර මවුලවී වරයාගේ නිවසේ තිබී හමුදා ඇඳුම් කට්ටල කිහිපයක් ද හමුවී ඇති බව කුරුනෑගල පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා තහවුරු කරනු ලැබුවා

එමෙන්ම මෙම මවුලවී වරයාගේ ජංගම දුරකතනයේ තිබී පොලිස් ඇඳුමින් ගත් ඔහුගේ ඡායාරුප කිහිපයක් හා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කටුවාපිටිය දේවස්ථානයේ තුවාල කරුවන් විලාප දෙන ආකාරය,ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හඬා වැටෙන ආකාරය හා මියගිය පුද්ගලයින්ගේ මළමිනී සහිත වීඩියෝවක් හා නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට කිතුනුවෙකු විසින් වෙඩි තබනු ලැබූ වීඩියෝවක් තිබු බව වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් අධිකාරි වරයා පවසනු ලැබුවා.

විශේෂත්වය නම් මෙම මවුලවී වරයා කලක් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ උපදේශක වරයෙකු හා භාෂා පරිවර්තකයෙකු ලෙසත් කටයුතු කර ඇති බව පසුව සිදුකර පරීක්ෂණ වලදී සොයාගෙන තිබෙනවා.

එමෙන්ම ඔහුව නිදහස් කරන ලෙසට ඉල්ලා මේවන විට පොලිසියට බලපෑම්වා එල්ල වෙමින් පවතින බවද වාර්තා වනවා.

Related posts

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක්

colombotoday

ඒ 9 මාර්ගය ඊරට්ටපෙරියකුලමෙන් වසා දමයි.

colombotoday

ඩොලරය රුපියල් 369ය ඉක්මවයි

colombotoday

ආචාර පෙළපාළි, වෙඩිමුර නෑ.. රණවිරු දිනය නිමිත්තෙන් යාපනයේ කසල ශෝධනයට හමුදාව යොදවයි

colombotoday

නාමල්ට එරෙහිව සාක්ෂි දෙන්න ප්‍රබල ව්‍යාපාරිකයෙක් සූදානම්?

Admin