වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (03දා) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අවුරුදු 40ක් වන කන්නන්කුඩා හි පදිංචි කදිරාමතම්බි ඉරාජකුමාර් නොහොත් කන්නන් නම් පුද්ගලයෙක් බව පොලීසිය පවවසයි.
මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව පොලීසිය පවසයි.