Colombo Today Local News

පොලිස්පති ප්‍රකාශයක් දීම මගහරී… ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණය ඇන හිටී…

ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ‍පොලිස්පතිවරයා රහස් ‍පොලීසියට ප්‍රකාශයක් ලබානොදීම නිසා එම පරීක්ෂණ කටයුතු අඩාල වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට නම් ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බව රහස් ‍පොලීසියේ පරීක්ෂණ පවත්වන නිලධාරීන් ‍පොලිස්පතිවරයාට දැනුම්දී ඇත. එහෙත් ‍පොලිස්පතිවරයා මේ වනතෙක් ප්‍රකාශයක් ලබාදී නොමැති බවත්, මේ නිසා පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනයාමට අපහසුවී ඇති බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි අවධානයෙන් පසුවන බවද ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

Related posts

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා ගැන සුබ ආරංචියක්

Admin

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු ‘ඉමා’ STF අත්අඩංගුවට

Admin

අර්බුද සමයේ තෙල් වලින් බිලියන 36ක ගැහිල්ලක්

Admin

උසාවි සම්ප්‍රදාය කඩා භික්ෂූන් වහන්සේගේ දෑතට මාංචු දමයි !

colombotoday

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin