Colombo Today Sports News

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ලංකාවට රිදී පදක්කමක්

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අද (06) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 69 ඉසව්වේ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක සමත් වී තිබේ.

ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 137ක් එසවූ ඉන්දික, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 160ක් ඔසවා තිබේ. ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297කි.

අවසන් උත්සාහයන් දෙකම අසාර්ථක වීම නිසා ඉන්දිකට එම ඉසව්වේ රිදී පදක්කමෙන් සෑහීමකට පත් වීමට සිදුවූ අතර ඔහුට එහි රන් පදක්කම අහිමිවූයේ කිලෝ ග්‍රෑම් 2ක් අඩුවකිනි.

 

 

Related posts

LPL වෙන්දේසියේදී ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල මතීෂට

Admin

මැතිව්ස් ආපසු ගෙදර එයි

colombotoday

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin

ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අවසන් පූර්ව තරගය අද

colombotoday

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

යුපුන් අබේකෝන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනී

colombotoday