Colombo Today Local News

පොදු ප්‍රවාහන සේවා ඇරඹේ

බස්නාහිර පළාතටම පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය අද ඉවත් කිරීමත් සමග මෙතෙක් ඇණ හිට තිබූ සියලූ ප‍්‍රවාහන සේවා ආරම්භ කෙරෙනවා. ඒ අනුව අද දිනයේදි කාර්යාල දුම්රිය 48 ක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ නිසි සෞඛ්‍ය ක‍්‍රමවේදවලට අනුගතව මගීන් දුම්රියට නංවා ගන්නා බවයි.

කෙසේවෙතත්, හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කර ඇති ප‍්‍රදේශවල දුම්රිය ස්ථානයන්හිදි එම දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා ප‍්‍රකාශ කළා. ඒ අනුව ප‍්‍රධාන මාර්ගයේ දෙමටගොඩ, කැළණිය, වනවාසල, එඬේරමුල්ල, හොරපෙ, රාගම, වල්පොල සහ බටුවත්ත යන දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකෙරෙනු ඇති.

පුත්තලම මාර්ගයේ පේරලන්ද, ජා ඇළ, තුඩැල්ල, උඩහකපොල, කුරන, මීගමුව, කට්ටුව යන දුම්රිය ස්ථානවල ද දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙනවා. පානදුර සහ පිංවත්ත දුම්රිය ස්ථානයන්හිදී ද මුහුදු බඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය නතර කෙරෙන්නේ නැහැ.

කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන්නේ බේස්ලයින් දුම්රිය ස්ථානයේ සහ කොටා පාරේ පිහිටි දුම්රිය ස්ථානයේ පමණයි. කුරුණෑගල සහ මුත්තෙට්ටුගල, දුම්රිය ස්ථානවල ද උතුරු මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය කිසිවක් නතර නොකෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප‍්‍රද්ශවල මේවනවිට සිය බස්රථවල ධාවන කටයුතු ආරම්භ කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. කෙසේවෙතත්, ආසනගත මගීන් පමණක් ප‍්‍රවාහනය කෙරෙන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ එච් පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ.

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප‍්‍රදේශවල සිය බස්රථ ධාවනය ආරම්භ කළ බව පෞද්ගලික බස් සංගම් ද පවසනවා. කෙසේවතත්, එලෙස ධාවනයට එක්කර ඇත්තේ සීමා සහිත බස්රථ ප‍්‍රමාණයක් බවයි පෞද්ගලික බස් සංගම් පවසන්නේ.

මේ අතර බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලූ අධිවේගී මාර්ග පිවිසුම් ද අද අලූයම 05 සිට යළි විවෘත කෙරුණා.

Related posts

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක සමන් වීරමන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දිගටම උපකාර කිරීමට චීනයෙන් පොරොන්දුවක්

Admin

කොටි කියන්නෙත් අපේ තරුණයෝ.. යුධ ජයගග්‍රහණ සැමරිය යුතු නැ.. මංගල පාඩම් කියාදෙයි

colombotoday

රනිල් – මෛත්‍රී සීතල යුද්ධය ඇවිළෙයි.. මහබැංකු අධිපති පත්කිරීම ජනපති අතට ගනී !

colombotoday

ජනපතිගේ නව බද්ද

Admin

අර්ජුනට එරෙහිව තිලංග නඩු යයි.. මැච් එක පැරදුනාට පසු විකට්ටුව ඇදයි කියලා

colombotoday