Colombo Today Local News

පුළුවන්නම් ඉන්න නායකයෝ ටික හදනවා – බැරිනම් එලවනවා – ඥානසාර හිමි

ත්‍රස්තවාදයට සහ අන්තවාදයට මුහුණ දීම සඳහා ජාතික නායකත්වයක් අනුව කටයුතු කළ යුතු බව බොදු බල සංවීධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජාතියක් වශයෙන් තීරණය ගැනීම සඳහා ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

ඊයේ(20) කොළඹ පැවති විදත්‍රා සංවාද මණ්ඩපයට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය ජාතික න්‍යාය පත්‍රයක් උදෙසා අනිවාර්යයෙන්ම අධිෂ්ඨානශීලිව වැඩ කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ගොඩනැගිය හැකි පුළුල් ජාතික බලවේගය නිර්මාණය කරන බවත් උන්වහන්සේ පැවසීය.

ජුලි මස 7 දින සිට ඒ සඳහා අවශ්‍ය වැඩසටහන මහනුවරින් ආරම්භ කරන බවත් ඒ සඳහා ස්වාමීන් වහන්නේ දස දහසක් පමණ එකතුවන බවත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසීය.

56න් පසු බිහිවන පුළුල් ජාතිකවාදී වැඩපිළිවෙල නැවත ගෙන එන බවත් අවුරුදු 70ක් රට ආපස්සට ගෙන ගිය පාලකයන්ට මෙය තවදුරටත් හැසිරවීමට ඉඩ නොතබන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේය.

“එක්කෝ මේ නායකයෝ පුලුවන්නම් හදනවාත නැත්තම් එලවනවා.එලවලා නායකයෙක් හදනවා” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරයි.

Related posts

කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

Admin

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

Admin

“උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට අනාගමික කරන්න” – TNA

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

2024 වනතුරු නායකත්වය ගැන කතා එපා ! රනිල් එජාප මන්ත්‍රී කණ්ඩායමට දන්වයි

colombotoday