Colombo Today Local News

පුද්ගලයෙකුට පහරදී මුදල් හා ස්වර්ණාභරණ පැහැරගත් එජාප මන්ත්‍රී අත්අඩංගුවට

ද්ගලයෙකුට පහරදී ඔහු සන්තකයේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ යැයි සැකපිට අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ඊයේ (12) මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් ඒකනායක නැමැති මන්ත්‍රීවරයාය. ඔහු හිටපු පළාත් සභා මන්ත්‍රී සෝමපාල ඒකනායක මහතාගේ ඥාති පුත්‍රයෙකි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය පස් ප්‍රවාහනයට නීතිවිරෝධී ලෙස දේශපාලන බලය පෙන්වමින් පෙරේදා (11) රාත්‍රීයේ සිය ටිපර් රථයක් යෙදවීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු මන්ත්‍රීවරයාගේ මෙම උත්සාහයට විරෝධය පළ කර ඇති අතර එයට උරණවූ මන්ත්‍රීවරයා එම පුද්ගලයාට පහර දී තිබේ.

මන්ත්‍රීවරයා එම පුද්ගලයාට පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් හා ඔහු පැළඳ සිටි රන් මාලයක් පැහැරගෙන තිබේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා වීරකැටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු විසින් මිද්දෙණිය පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Related posts

මුල්ලේරියාව රෝහලේ දී කොවිඩ් ආසාදිත කතුන් 43ක් දරුවන් බිහි කරලා

colombotoday

බස්නාහිර පදිංචිකරුවන්ට සයිනොෆාම් එන්නත ලබා දීම අද සිට

colombotoday

රටේ එලවලු පලතුරු අවශ්‍යතා නිල වශයෙන් හදුනාගැනිමට සංගණනයක්

colombotoday

ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතේ පිරිවෙන් 300 කට ටැබ් යන්ත්‍ර

colombotoday

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

colombotoday

අය වැය පරදා මහ ඡන්දයකට යනවා – මහින්ද

colombotoday