ඊයේ පෙරවරු 10ට පමණ සිදුවූ එම පිපිරීමෙන් එහි සේවය කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.
මිය ගිය පුද්ගලයා 27 හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නමැති පුත්තලම පාලවිය ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
යාපනය, වව්නියාව, මන්නාරම වැනි ප්රදේශවලින් අබලි යකඩ රැගෙන මෙම ස්ථානයේ ගබඩා කර තිබෙන බව ද අප වාර්තකරු සඳහන් කළේ ය.
පිපිරීම සිදුවූ ස්ථානය රජයේ රස පරීක්ෂකවරයා විසින් අද පරීක්ෂා කිරිමට නියමිතව ඇත.
ස්ථානයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් තවදුරටත් පරීක්ෂණ ක්රියාත්මක කරනු ලබයි.