Uncategorized

පිපිරීම් මාලාවේ පූර්ව සූදානම් වීම් සිදුව ඇත්තේ මධ්‍යම පළාතේ – දැන්වත් බුර්කාව තහනම් කළ යුතුයි

පිපිරීම් සිද්ධි මාලාවට සම්බන්ධ බොහෝ පූර්ව සූදානම් සිදුව ඇත්තේ මධ්‍යම පළාතෙන් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

 මෙම බෝම්බ ප්‍රහාරයන් සඳහා සියලු මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ නොවුණත් ඉතාමත්ම සුළු අන්තවාදීන් පිරිසක් සම්බන්ධ බවත් ඔවුන් මර්ධනය කිරීම සදහා මේ අවස්ථාවේ සිටම කටයුතු කළ යුතුව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ ආරක්ෂක සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

යම් ප්‍රහාරයක් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් කර ඇති නමුත් එය ක්‍රියාවට නොනැගීම පිළිබඳව පොලිස්පතිවරයා වගකිව යුතු යැයිද ආණ්ඩුකාරවරයා කියාසිටියේය.

“පොලිස්පතිවරයා වගකීම භාරගත යුතු නමුත් ඔහු ඊට වගකියන්නෙත් නැහැ, එමෙන්ම තනතුරෙන් ඔහු ඉවත් කරන්නෙත් නැහැ. මේ තුළින් සිදුවන්නේ රට තවදුරටත් අස්ථාවර භාවයට පත්වීමයි.

පොලීසිය සඳහා බුද්ධිමය තොරතුරු ලබා දෙන්නේ සාමාන්‍ය ජනතාව නොව පොලීසියට සම්බන්ධ බුද්ධිමය නිලධාරීන් පිරිසක් විසින්. ඔවුන් ලබාදෙන තොරතුරු පොලිස්පතිවරයාට ලැබෙන අතර ඔහු විසින් ජනාධිපති, අගමැති, ආරක්ෂක අමාත්‍යවරයා හා ත්‍රිවිධ හමුදාව දැනුවත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති නම් වහා ක්‍රියාත්මක වී ඔහු රට වෙනුවෙන් අවශ්‍ය ක්ෂණික තීරණ ගත යුතුයි.

එම තීන්දු, තීරණනොගැනීම නිසා රටට ප්‍රශ්න මාලාවකට මුහුණදීමට සිදුවෙනවා.

ශ්‍රී දළදා මාලිගාව, ක්‍රිස්තියානි සිද්ධස්ථාන ඇතුළුව මහනුවර නගරයේ සියලුම ආගමික ස්ථානවල ආරක්ෂාව මේ වන විට තහවුරු කර හමාරයි. කඳුකරයේ විදුලි බලාගාර, ජල මූලාශ්‍ර ආදිය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිස් නිල සුනඛ ඒකකයේ නිලධාරීන් ද හදිසි අවශ්‍යතාවක් මතු වූවොත් අමතරව යුද භට පිරිස්ද යෙදවීමටයි කටයුතු කර තිබෙන්නේ.”

කෙසේවෙතත් අන්තවාදීන්ට කිසිදු ඉඩක් ලබා දීමට අවස්ථාව නොදෙන බව ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

මේ අතර කළු ඇදුමින් සම්පූර්ණයෙන්ම ඇඟ වසාගෙන යන සංස්කෘතිය තහනම් කිරීමට අවශ්‍ය යෝජනාවක් ගෙන එන බවද හෙතෙම සඳහන් කළේය.

එය මුස්ලිම් ජනතාවට කරන හිංසාවක් නොව අන්තවාදය පාලනය කිරීමට ගත යුතු අතිශය වැදගත් ක්‍රියාවක් වන බව ද ඔහු ප්‍රකාශ කළේය. නොඑසේනම් ඉදිරියේදී පාලනය කළ නොහැකි ගැටලු සහිත තත්ත්වයක් මතු වනු ඇතැයි ද ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Related posts

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

Admin

Flights to these big cities will be mega cheap in November

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin