Colombo Today Local News

පැහැදිලි හා දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කල ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසය මර්දනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි චින්තකයෙකු ලෙස සහ දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කිරීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පල කර තිබේ.

අද(23) පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවති දුරකතන සංවාදයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මෙරටට සිදුවන බලපෑම් අවම කිරීම සදහා සෑම සහයක්ම ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

රටේ ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව විසින් මෙරට සිදුකරන සංවර්ධන ව්‍යාපෘති වේගවත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

මීට අමතරව ඉන්දියාවේ පෞද්ගලික අංශයට මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී දෙරටේ නායකයින්ගේ අවධානය යොමුව තිබේ.

Related posts

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට !

colombotoday

ආගමික අපහාස සෙවීමට කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

නැගෙනහිරින් ඔස්ටීන් පන්නා බෂීර් සේගු දාවුද් ආණ්ඩුකාර ධුරයට පත්කරන්න හකීම් ඩබල් ගේමක

colombotoday

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

Admin

පෙට්‍රල්, ඩීසල් අලෙවිය අඩු වෙයි

Admin

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin