ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා පැය 24 පුරා කි‍්‍රයාත්මක පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කෙරුණු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ අංක 011-2580518, 011-2058552, 011-2500471
011-2506588 සහ 011-2589741 ඔස්සේ මෙන්ම ෆැක්ස් අංක 011-2588489, 011-2081044 මගින් ජනතාවට තොරතුරු ලබාදිය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.