Colombo Today Local News

පාසැල් සිසුන් ගැන අවධානයෙන් සිටින්න : මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවන උපකරණයක් ගැන පොලිසිය දැනුම් දෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කොළඹ, ප්‍රසිද්ධ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා නව උපක්‍රම භාවිත කිරීමට පෙළඹී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය අග්‍රාහණය කළ හැකි “ඉන්හේලර්” උපකරණ පාසල් දරුවන්ට අලෙවි කිරීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පෙළඹී ඇති බව ඒ මහතා පැවසීය.

අද (14)දින පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

පාසල් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් එහිදී මෙම ඉන්හේලර් උපකරණයක් රුපියල් 15,000ක පමණ මුදලකට අලෙවි කරන බව අනාවරණය වු බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් පාසල් දරුවන් භාවිත කරන උපකරණ පිළිබඳව දෙමාපියන් විශේෂ අවධානයකින් යුක්තව කටයුතු කළ යුතු බවත් ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Related posts

අජිත් පි පෙරේරාගේ ජාතකේ කතා කල තෙවරප්පෙරුමගේ නි.ඇමතිකම නැති වෙන ලකුණු

colombotoday

පොදු සතුරා කවුද? තනිව ගියොත් වෙන්නෙ මොනවාද? මහින්ද හෙළි කරයි

colombotoday

නව රේගු පරිපාලනය අසාර්ථකයි?

Admin

වෙලේ සුදාව වහාම පරීක්ෂා කර අසනීප තත්ත්වය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

Admin

එජාප ප්‍රබල ඇමති දෙදෙනා දුම්බර රක්ෂිතයේ මහා ඉඩම් කොල්ලයක… එජාප මන්ත්‍රීනියක්ම හෙළිකරයි

colombotoday

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනපති ප්‍රධානත්වයෙන් අද

Admin