Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට සැක අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සමග රිෂාඩ් බදුර්දීන්ගේ සබඳතා එලියට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවටගත් සැකකරුවෙකු සමග හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සබඳතා පවත්වා ඇති බව ජනාධිපති කොමිසමේදී අද (16) අනාවරණය වී තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ව සොයාබලන ජනාධිපති කොමිසම අද දිනයේ සිදුකළ සාක්ෂි විමසීම්වලදී අනාවරණය වූයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර සහ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පසු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අදාළ සැකකරුගේ නිවසට ගොස් ඇති බවය.

දෙහිවල ග්‍රාම නිලධාරී ඩී.පී. සමරසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ අද දින පළමුව සාක්ෂි ලබාදුන්නේය.

එහිදී රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ මොහිනුදින් ඉස්සාන් අහමඩ් නැමැත්තෙකු පිළිබඳ තොරතුරු දන්නේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් ග්‍රාම නිලධාරීවරයා සඳහන් කළේ මොහිනුදින් ඉස්සාන් අහමඩ් යනු අංක 211/8 ගල්වල පාර දෙහිවල ලිපිනයේ කුලී නිවැසියෙකුව සිටි මොහොමඩ් හනිෆා මොහිනුදින් නැමැත්තාගේ පුත්‍රයා බවය.

එසේම මෙම මොහිනුදීන් ඉස්සාන් අහමඩ් නැමැත්තා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් එම ප්‍රදේශයේම පදිංචි මොහොමඩ් අක්‍රම් අව්කන් සහ මොහොමඩ් අක්‍රම් සාජිහා යන සහෝදරයින් දෙදෙනා ද සමගද, බුහාරි මොහොමඩ් නැමැත්තා සමග ද සම්බන්ධතා පවත්වා ඇති බව ආරක්ෂක අංශවල ඉල්ලීම පරිදි තමන් කළ සොයා බැලීම්වලදී අනාවරණය වූ බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.

එහිදී රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ මෙම මොහිනුදින් ඉස්සාන් අහමඩ් හමුවීමට කිසියම් ප්‍රභූවරයෙක් පැමිණ ඇති බව ඔබට අනාවරණය වූයේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු තැපැල් අමාත්‍ය මොහොමඩ් හලීම් මෙම නිවසට ආගිය බවට අසල්වාසීන්ගෙන් තමන්ට තොරතුරු වාර්තා වූ බවය.

ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවට කැඳවූයේ මොහිනුදින් ඉස්සාන් අහමඩ් පදිංචිව සිටි අංක 211/8 ගල්වල පාර දෙහිවල ලිපිනයේ හිමිකරු වූ ධම්මික ප්‍රියන්ත සමරසිංහ නැමැත්තාය.

එහිදී ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ධම්මික ප්‍රියන්ත සමරසිංහ මහතා කියා සිටියේ මොහිනුදින් ඉස්සාන් අහමඩ් නැමැත්තා පාස්කු ප්‍රහාරයට පසු අප්‍රේල් 26 වන දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් බවය.

ඉන් දින දෙකකට පසු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිය ආරක්ෂකයින් ද සමග අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසට පැමිණි බවත් විනාඩි 30 ක පමණ කාලයක් නිවසේ රැඳී සිටිමෙන් පසු පිටව ගිය බවටත් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.

Related posts

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

colombotoday

එට්කා එන්නත් කලින් රාජිතලා බලෙන්ම දෙයි.. රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට !

colombotoday

අල්ලස් ගත් හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

colombotoday

විමල්ගෙන් වන්දි ඉල්ලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍රගෙන් එන්තරවාසියක්

Admin

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday