Colombo Today Local News

පාසල් විෂය මාළාවට නීති අධ්‍යාපනය ඇතුළත් කරන්න කැබිනට් අනුමැතිය

පාසල් දරුවන්ට නීතිය පිළිබඳව දැනුම ලබාදීමේ අරමුණින් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07දා) පැවැති කැබිනට් හමුවේදී අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික නීතිය වැනි කරුණු පිළිබඳව මෙහිදී පාසල් දරුවන්ට මුල සිටම සරලව පහදාදීම මෙහි අරමුණ වී තිබේ.

මේ තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇති වන ගැටලුවලට මුහුණදීමට දරුවන්ට මහඟු පිටිවහලක් වනු ඇති බව ඇමැතිවරිය කීවාය.

මූලික නීතියට අමතරව දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය පිළිබඳවද කුඩා කාලයේම දැනුමක් ලබා ගැනීමේදී රට තුළ සිදුවන අපරාධ අඩුවීමට ඉඩ ඇති බවද අතුකෝරල අමාත්‍යවරිය කීවාය.


අදාළ විෂය නිර්දේශය පාසල් පෙළපොත්වලට ඇතුළු කිරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු කිරීමටද නියමිතය.

Related posts

අද ප්‍රදේශ කීපයකට වැසි

Admin

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

Admin

හෙට ජනතාවට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පාරට බහිති

colombotoday

කෙළ ගැහුවොත් ‌කෙළවෙයි. කුරුණෑගල ටවුමේ කෙළ ගැසීම තහනම්. මාස 6ක් හිරේ

colombotoday

රන් බඩු කොල්ල කෑමේ ජාවාරමක නිරත වූ හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට

colombotoday

මන්ත්‍රී දූරය රැකගන්න රතන හිමි බලෙන් ජනපති සහ අගමැති පස්සෙ යනවා – JHU

colombotoday