Colombo Today Local News

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි.

ලබන 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා අද (07) පස්වරුවේ පැවති පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි.

පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිතුමන්ගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දව‍සේ වැඩකටයුතු අවසන්කර එදිනට සභාව කල්තැබිය යුතු බවට එදින න්‍යාය පත්‍රය පිළිබඳව රජයේ ස්ථාවරය වී ඇත.

අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරූ අතර එම පාර්ශවය විසින් පෙන්වා දී ඇත්තේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතර‍යේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි.

දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් මෙහිදී පවසා ඇත්තේ, මන්ත්‍රීවරුන් 116 දෙනෙකු විසින් ලිඛිතව මින් පෙරද තමා වෙත ලබා දී ඇති පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් එදිනම සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැලසිය යුතු බවයි.

Related posts

කොවිඩ් ආසාධිත තරුණියන් සම්භාහන මධ්‍යස්ථානවලින් හමුවේ. | සෞඛ්‍ය අංශ ආගිය අයගේ තොරතුරු සොයයි.

colombotoday

“තර්ජණ එපා! මුලතිව් කැලේ ඉඩම් අපේ” මුස්ලිම් මන්ත්‍රි මුලතිව් අයිතියට TNA සමග ගැටෙයි

colombotoday

රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයු රාසික් රාසා TID යට

colombotoday

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

colombotoday

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්

colombotoday

ඉංජිනේරු සංස්ථා GMගේ පොකැට්ටුවට විද්ද ඇමති සජිත්ගේ සංවිධායක අත්අඩංගුවට

colombotoday