පාර්ලිමේන්තුව නැවතත් එළඹෙන 12 දා පස්වරු 1.00 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය. ඒ අද පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුවය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වෙයි. වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ යෝජනාවක් අනුව මෙම විවාදය පැවැත්වෙයි.
අද පාර්ලිමේන්තු සැසියටද එක්සත් ජනතා නිදහස් සන්ධානය එක් නොවීය.