Covid 19

පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වෙයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් පානදුර නගර සභා පරිශ්‍රයට පිවිසීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ අතර, වාද්දූවේ පදිංචි යුද හමුදා සිවිල් සේවකයෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ ආසාදිතයා වෙනත් ස්ථානයකින් PCR පරීක්ෂණයක් සිදුකර ඒ බව නොදන්වා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුතර, නාගොඩ රෝහලට පැමිණ ඇති බවය.

එහි ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ වාර්තාව පැමිණීමත් සමග ඔහු ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරුකර යවා ඔහු රඳවා සිටි වාට්ටුව විෂබීජහරණයට ලක්කර තිබේ.

මොහුට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව සෞඛ්‍ය අංශ පවසති.

එසේම මාළු මිලදී ගැනීමට පෑලියගොඩට ගිය ජා-ඇළ සහ කඳාන ප්‍රදේශවල වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් 73කට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග ඊයේ රාත්‍රියේ දී ඔවුන්ව රෝහල්ගත කර තිබේ.

Related posts

ගුවන් හමුදාපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඇඳිරි නීති බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් විශේෂ චක්‍ර­ලේ­ඛ­යක්

colombotoday

කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළට

colombotoday

තවත් ආසාදිතයින් 458ක්

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday