Colombo Today Local News

ප්‍රබල දේශපාලකයෙක් මෙහෙයවන කල්ලියකින් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක්… 35ක් මරා වළ දමලා !!

පසුගිය සමයේ නැගෙනහිර පළාතෙන් අතුරුදන් වූ බවට පැවසෙන දෙමළ ජාතිකයන් 35 දෙනෙකු මරා දමා මඩකලපුව ප්‍රදේශයේ වළ දමා තිබෙන බව දෙමළ චින්තකයන්ගේ සංවිධානයේ (තමිල් උනර්වුගලෙයි අමෙප්පින්) නායක කනපදිපිල්ලෙයි මෝහන් මහතා අනාවරණය කරයි.

ඉකුත් 14 වනදා මඩකලපුව කල්ලඩිහිදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ මෙම ඝාතනය කාත්තන්කුඩියේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙහෙයවනු ලැබූ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකරන තිබෙන බවයි.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

“ඝාතනය කළ පුද්ගලයන්ගේ සිරුරු වළ දමා ඇති ස්ථාන පිළිබදව සාක්ෂි අප ළග තිබෙනවා. අපි මේ තොරතුරු හමුදාව වෙත භාර දුන්නා. ඒ හමුදාව පිළිබද අපට තිබෙන විශ්වාසය නිසයි. මේ වළ දමා ඇති සිරුරු සොයගෙන ඒ පිළිබද විමර්ශන සිදු කළහොත් මීට වඩා තොරතුරු රැසක් සොයා ගැනීමට හැකිවනු ඇති බවට අපි විශ්වාස කරනවා. අතුරුදන්වූ ප්‍රබල චරිත මේ අතර සිටින්නට පුළුවන්, දේශපාලනයට එහා ගිය ව්‍යාපාරික තරගය සහ තනි පුද්ගලයන්ගේ තරහ පිරිමසා ගැනීම වෙනුවෙන් මෙම ඝාතන සිදුකර තිබෙන්නට පුලුවන්.

ඝාතනය කොට වළ දමා ඇති මෙම සිරුරු හදුනාගෙන වරදකරුවන් නීතිය ඉදිරියට පමුණුව ඔවුන්ට නිසි දඩුවම් ලබාදීමට කටයුතු කරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

අපි මේ කරුණු හෙලිකිරීමෙන් පසු අපේ ජීවිතවලට තර්ජන එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන් මෙලෙස ඝාතනය කර තිබෙන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයන් බව කිව යුතුයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ ආයුධ සන්නද්ධ පිරිස් ක්‍රියාත්මක වන බව මීට බොහෝ කාලයකට පෙර සිටම ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මඩකළපුව බන්ධනාගාරගත වූ සිරකරුවෙක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ළග ආයුධ තිබෙනවා කියලා සත්‍යග්‍රහයක් පැවැත්වුවා. ඒත් ඔහුව කවුරුත් ගණන් ගත්තේ නෑ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පත්කිරීම වැැරදි බව එදා සිටම අපි ප්‍රකාශ කරනවා. ත්‍රස්තවාදී ක්‍රියාවින් සියයට අනූවක්ම සිදුව තිබෙන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ. ඔහු කොහොමද ඒ බව නොදැන සිටියේ. දැනගෙන ඒව හැංගුවාද. නැත්තම් සොය බැලීම ඔහු පැහැර හැර තිබෙනවා. මෙවැනි විශාල සිදුවීම් සිදුවී තිබෙනවා. මේ සියලු කාරණාවලට හේතුව බලයයි. අනෙක එක් එක් නීති ක්‍රියාත්මක වීමයි. මුස්ලිම්, සිංහල, දෙමළ මේ සියළු ජනතාවට නීතිය එක හා සමාන විය යුතුයි.

මූලාශ්‍රය – මව්බිම

Related posts

සිනී ජාවාරමට හවුල් බවට චෝදනා එල්ලවූ නුෂාඩ් පෙරේරා සතොස සභාපති ධුරයෙන් දොට්ට දමයි

colombotoday

මාස 3කදී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ලංකාවට

Admin

කොළඹ ඇතුළු ප්‍රධාන නගර වල‍ට ගෑස්

colombotoday

රාජිත කියන්නේ නැව් ගිලපු හොරෙක්.. තවත් එජාප ඇමතිලා තොගයක් බැදුම්කර පෝලිමේ…

colombotoday

අඩු ආදායම්ලාභීන්ට දෙන සහනය වෙනත් පිරිසකගෙන් අයකර ගන්නවා

Admin

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

colombotoday