ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සඳහන් කරයි.
ඊයේ (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කල අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණයයක් ලබාගත නොහැකි බවත්, මේ නිසා එක්සත් ජාතික පක්ෂ විරෝධී කණ්ඩායම එකතු කර පුළුල් පෙරමුණක් යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් පවසා ඇත.
මේ අතර පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට මැතිවරණ කොමිසම එකගතාවය පලකල බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.