Colombo Today Sports News

පළමු T20 තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව තියුණු ජයක් ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියාව සමඟ අද (17) මෙල්බර්න් ක්‍රීඩාංගනයේ පැවැති පළමු පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මුලින්ම පන්දුවට පහරදෙමින් ඕස්ට්‍රේලියාව සිය පන්දුවාර 20 තුළ කඩුලු 6කට ලකුණු 168ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 5ක් පමණක් දැවී තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය අත්කරගත්තේය.
නිරෝෂන් දික්වැල්ල (30) ඩිල්ෂාන් මුණවීර (44) අසේල ගුණරත්න (52) සහ චාමර කපුගෙදර (10) හා සීක්කුගේ ප්‍රසන්න (08) නොදැවී කඩුල්ලේ රැදී සිටිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ලසිත් මාලිංග සිය වේගපන්දුවෙන් ලකුණු 29 කට ඕස්ට්‍රේලියානු කඩුලු දෙකක් බිඳ හෙලීය.

ලකුණු 11කට එක් කඩුල්ලක් හා ලකුණු 52ක් රැස් කළ අසේල ගුණරත්න තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.

Related posts

යාපනේ කොල්ලව බලාගන්න ඇමති නාමල් තිසරට බාර දෙයි

colombotoday

මරදානේ දුරකතන අලෙවිසැලක් ගිනි ගනී

Admin

දැවැන්ත 6 පහර කිහිපයක් ශ්‍රී ලංකාවට ජය ගෙන දෙයි. – බන්ගලියෝ ලහිරු කුමාර සමග ගැටුමක

colombotoday

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

අසංක ගුරුසිංහ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත් කෙරේ.

colombotoday

බංගලාදේශය 82ට දැවී යයි. ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්…!!!

colombotoday