Colombo Today Local News

පස්වරු 4 වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60 ඉක්මවයි

අද (05) පස්වරු 04.00 වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60 ඉක්මවා තිබුණි.

ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ක් වන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා පැවසුවේය.

ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පස්වරු 04.00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 69ක් වූ අතර මාතලේ සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිශතය සියයට 68 ක් වූ බව සඳහන් වේ.

කෑගල්ල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 67කි.

මහනුවර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිශතය සියයට 65 ක් වන අතර ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 62 ක ප්‍රතිශතයක් අද පස්වරු 04.00 වන විට ඡන්දය භාවිත කර තිබූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සඳහන් කරයි.

පුත්තලම, කොළඹ, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60කි.

යාපනය දිස්ත්‍රික්කයේ සියයට 57 ක ප්‍රතිශතයක් පස්වරු 04.00 වන විට ඡන්දය භාවිත කර තිබූ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය දැක්වූයේ සියයට 55 ක් ලෙසය.

Related posts

මාලදිවයිනත් ශ්‍රී ලංකාවක් වෙයි

Admin

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

colombotoday

ළමයි ලවා කැටවලට එකතු කරපු සල්ලිවලින් ශිෂ්‍ය නායකයෝ මෝටර් බයිසිකල් අරන්…

colombotoday

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday

මැකෝට විරුද්ධව පුද්ගලික සමාගමක් උසාවි යයි

colombotoday

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩු: හිටපු ජනාධිපති මෛත්‍රීත් වගඋත්තර කරුවෙක් කරන්න නියෝග

colombotoday