World

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

පාකිස්ථානය ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය සහ රූපවාහිනි නාලිකා විකාශනය  තහනම් කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය නිසා පාකිස්ථානය මෙම තීරණය ගෙන ඇත.

බොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය මාර්තු මාසයේ සිට තහනම් කරන බවත් මේ සඳහා පකිස්ථානු ඉහළ උසාවිය ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවත් පාකිස්ථාන චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය පැවසුවේය.

ඒ අනුව කිසිදු ඉන්දියානු අන්තර්ගතයක් දේශීය රූපවාහිනිය ඔස්සේ විකාශනයත්, ඉන්දීය වෙළඳ දැන්වීම් ප්‍රචාරණයත්, වාර්තාමය වැඩසටහන් සහ චිත්‍රපට විකාශය කිරීමත් තහනම් කිරීමට  පාකිස්තානය තීරණය කර ඇත.

මෙය ඉන්දියාවට පහසු දඩුවමක් වනු ඇතැයි ඔවුන් සිතුවත් එය වැරදි ඉලක්කයක් බවට විවේචන එල්ල වී ඇත.

1947 වර්ෂයේ සිට ඉන්දියාව සහ පාකිස්ථානය අතර දීර්ඝ කාලීන ගැටුම් පැවතියත් ඔවුන් අතර බොලිවුඩ් සිනමා නිර්මාණ හුවමාරු විය.

මෑතකදී ඉන්දියාව පකිස්ථානු දේශ සීමාව තුළ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත්, පාකිස්ථානය ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා බිද හෙලීමත් සමඟ දෙරට අතර ගැටුම් උත්සන්න විය.


(63226)

බීබීසී ඇසුරෙනි

Related posts

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන්න අගමැතිගෙන් නියෝගයක්!

colombotoday

ජෝ බයිඩන් ඇද වැටෙයි

Admin

ආණ්ඩුව පළවාහරිනු.. හමුදා ආණ්ඩුවක් හදා රට බේරා ගනු – උද්ඝෝෂණ ඇරඹෙයි !

colombotoday

ගාසා ප්‍රධාන රෝහල ගැන WHO අනතුරු අඟවයි

Admin

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin