Colombo Today Local News

නොරොච්චෝලේ ඉදිකිරිම් ප්‍රමාදයෙන් ලංවිම දෛනික පාඩුව රු.මිලියන 250

අප රටේ මෙම වසර තුළ ආරම්භ කිරීමට යෝජිත විදුලි බල ව්‍යාපෘති දෙක මෙන්ම ඉදිරි වසර තුළ ආරම්භ කිරිමට නියමිත විදුලිබල ව්‍යාපෘති සම්බන්ධව තීරණ ගැනීමේ දි ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම හා සුනිත්‍ය බලශක්ති  අධිකාරිය යන ආයතන තුන එකට සිට තීරණ ක්‍රියාත්මක කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට දැනුම් දුන්නේය.

ඊයේ (23)  පස්වරුවේ ඛනිජතෙල් අමාත්‍යාංශයේ දී විදුලිබල ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පැවැති අතර විදුලි බල පනතේ අඩු ලුහුඩුකම් ඇතොත් ඒවා සංශෝධනය කරදි  විදුලිබල ව්‍යාපෘති  කඩිනමින් ආරම්භ කිරිමට අවශ්‍ය පරිසරය සකසා දෙන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම වසර තුළ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන අදියර හා කෙරවලපිටිය LNG බලාගාරයේ ද ඉදි කිරීම් ආරම්භ කිරීමට නියමිතය. මෙම බලාගාර දෙකෙන් ජාතික විදුලි පද්ධතියට  මෙගවොට් 600ක විදුලි ධාරිතාවයක් එක්වේ. එම නිසා පළමුවෙන්ම නොරොච්චෝල ගල් අගුරු බලාගාරය ඉදි කිරීමේ කටයුතු අරඹන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

පසුගිය රජයේ වසර පහක කාලය තුළ එක් විදුලි බලාගාරයක් හෝ ක්‍රියාත්මක නොකිරීමට පියවර ගැනීම නිසා අද වන විට සමස්ත විදුලි අවශ්‍යතාව සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලයට නොහැකි වී තිබේ. ජාතික විදුලි බල පද්ධතිය තුළට ඉදිරි කාලය තුළ  හැකි තරම් පුනර්ජනනීය විදුලිබලය ආශ්‍රීතව අමතර විදුලි ධාරිතාවන් එක්කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමටත්, දැනට හඳුනාගෙන ඇති හා අනුමැතිය ලබා දී ඇති පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ඉතාමත් ඉක්මනින් ම ආරම්භ කිරීමටත් තීරණය විය.

ජාතික විදුලි පනතේ වගන්තිවල සිර වී නොසිට විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම් පවරා ඇති ආයතන වෙන් වෙන් වශයෙන් නොව එකට සිට තීන්දු තීරණ ගන්නා ලෙසත්, අන්‍යෝන්‍ය වශයෙන් යම් යම් විවේචන තිබුණත්, ජාතික අවශ්‍යතාවයක් සේ සලකා කටයුතු කරන්නැයිද, නෛතික වශයෙන් මතුවන කාරණාවල දී රජය විසින් නීතිපති තුමා ඇතුලු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඊට අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තුන්වන අදියර ඉදි කිරීම් කටයුතු ප්‍රමාද විම නිසා මේ වනවිට දිනපතා රුපියල් මිලියන 250ක පාඩුවක් ලංකා විදුලි මණ්ඩලයට සිදු වෙතැයි එහි නිලධාරීන් තමන්ට වාර්තා කර ඇතැයි කී අමාත්‍යවරයා රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනයකට සිදුවන මෙවැනි අතිදැවැන්ත පාඩුවක් හරහා එම ආයතනය බරපතළ ගැටලුවකට මුහුණ දෙන බවද පැවසීය.

අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ඉදිරි කටයුතු වලදී එක්ව තීන්දු තීරණ ගැනීමට එම ආයතන තුනේ නිලධාරිහු එකඟත්වය පළ කළහ.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක්.. මේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ පොට් සිටිය චීනයට විශාල පාඩුවක්

colombotoday

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

කතරගම මහ දේවාලයේ අලියා අත්අඩංගුවට ගනී

colombotoday

මහීපාල හේරත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට

colombotoday

පියසේන ගමගේ ඇමති ධුරයක දිවුරයි !

colombotoday

“විජේකලාට එක නීතියක්, අපට තව නීතියක්” මන්ත්‍රී අලුත්ගමගේ මැරෙනතුරු උපවාසයකට සැරසෙයි…

colombotoday