Colombo Today Local News

නීතිවිරෝධී ලෙස බීඩි කොළ කිලෝ 500ක් ගෙන ආ 6ක් අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස බීඩි කොළ කිලෝ ග්‍රෑම් 500 කට අධික තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මලු 16 ක අසුරා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 506 ක් මාරවිල වෙරළ තීරයට ගොඩබාන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.

එහිදී බීඩි කොළ තොගය රැගෙන යාම සඳහා වෙරළ තීරයට පැමිණි සිටි ගැණුම්කරුවන් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පේසාලේ, පන්නල සහ එළුවන්කුලම ප්‍රදේශවල පදිංචි අවුරුදු 18 ත් 50ත් අතර වයසේ පසුවන්නන් බව සඳහන් වේ.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මාරවිල පොලීසියට භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

colombotoday

රනිල් ජපාන පාර්ලිමේන්තුව අමතා ඉතිහාසගත වෙයි

colombotoday

කෙසෙල් ඇවරිය ජනාධිපතිවරණයට. අපේක්ෂකයා සජිත්?

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

අද තැනින් තැන වැසි

colombotoday

උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

colombotoday