Colombo Today Local News

නීතිවිරෝධිව මසුන් ඇල්ලීම වහා නවත්වන්න පියවර ගන්න – ජනපති දැනුම් දෙයි !

ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව  අද (26දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඔහු මේ උපදෙස් දුන්නේය.

අපනයන වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රතිපත්තිමය පදනමක සිට  නව සැලසුම් සකස් කිරීමේදී අපනයනකරුවාත්, ධීවර යාත්‍රා හිමියාත් ඇතුළත් කමිටුවක් මගින් ක්‍රියා කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. නීති විරෝධි ක්‍රමවලින් මසුන් ඇල්ලීම නතර කිරීමට වහා පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබීය.

අපනයන සමාගම් මිලදී  ගන්නේ ඔවුන්ගේ නැව් මඟින් සපයා ගන්නා මත්ස්‍ය අස්වැන්න පමණක් බව ධිවර සමිති නියෝජිතයෝ කියා සිටියහ. තමන් අපනයනය සඳහා පමණක් කර්මාන්තයේ නිරතව සිටින බැවින් තම අස්වැන්නට නිසි වෙළඳ පොළක් නොමැතිවීම බලවත් ගැටළුවකැයි ඕව්හු  පෙන්වා දුන්හ.

කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් මගින් මේ ගැටලුව විසඳීමට බලධාරීන්ට කියා සිටි ජනාධිපතිවරයා අපනයනකරුවන්ගේ මෙන්ම යාත්‍රා හිමියන්ගේ ද සහභාගිත්වය ඇතිව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන්නේය. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණදී ඇති ගැටලුවට තාවකාලික විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ඔවුන්ගේ අස්වැන්න මිලදී ගැනීමට මැදිහත්වන්නැයි ජනාධිපතිවරයා  ධීවර සංස්ථාවේ සභාපතිවරයාට පැවසීය.

Related posts

බොදු බලේ නීතිපතිට මතක් කරදුන් අධිකරණවලට එල්ලවූ මුජාහිදීන් ත්‍රස්ත ප්‍රහාරය

colombotoday

ජනපති තීන්දුවට ගරු කරාවි කියලා විශ්වාස කරනවා – රනිල්

colombotoday

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

colombotoday

ජනපති නියෝගයෙන් පාර්ලිමේන්තුව සති දෙකකට කල් තැබේ?

colombotoday

කඩුවෙන් කැපෙන්නේ මේ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනයි

colombotoday

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday