Colombo Today Local News

නිවාඩු ගිය වැලිසර නාවික සෙබළුන් යළි කඳවුරට

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන්ට යළි කඳවුරට කැඳවා ඔවුන්ව නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විට  පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

නාවික හමුදා කඳවුරට අනියුක්තව සිටි නාවික සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැලිසර නාවික හමුදා කඳවුර මේ වනවිට සම්පුර්ණයෙන්ම හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත.

Related posts

කෝටියකට ගජමුතු අලෙවි කරන්න ගිය තිදෙනෙක් STF දැලේ

colombotoday

කුරුණෑගල නගරාධිපති කිසි වරදක් කරලා නෑ.. මම ඔහුව රකිනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු යලි කියයි

colombotoday

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

Admin

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

යුද හමුදාවේ මස් ටෙන්ඩරය අවුරුදු 14ක්ම හිටපු ඇමති ෆීලික්ස්ට

colombotoday

”බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට” – ඇමතිගෙ ප්‍රකාශය ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

Admin