Colombo Today Local News

නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කැප වනවා – අගමැති

රටේ නිදහස් ය ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ්-19 පාලනය කර ගනිමින් රටක් ලෙස යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ සේවය නිසා යැයි ආඩම්බරයෙන් පවසන බව ද අගමැතිවරයා අවධාරණය කරයි.

කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම හා හිස් වැසුම් පැළඳවීමේ උළෙල අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාව් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ඔබගේ සේවයේ වටිනාකම ඉදිරියේ දී තව තවත් වැඩි වෙනවා. වසංගත තත්ත්වයක දී පමණක් නෙවෙයි. විවිධ රෝගවලට මුහුණපාන රෝගීන් සුවපත් කිරීමට ඔබගේ දායකත්වය ඉතා වැදගත්. විශේෂයෙන් බෝනොවන රෝගවලින් පීඩා විදින රෝගීන් සුවපත් කිරීමටත් ඔබ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.”

“හෙද පුහුණුව උපාධිය දක්වා යන වැඩපිළිවෙළ මේ රජය යටතේ දැනටමත් අප සැළසුම් කර අවසන්. ඒ අනුව වසර තුනක ඩිප්ලෝමාව වසර හතරක උපාධියක් දක්වා උසස් කිරීමට අප රජය බලාපොරොත්තු වෙනවා.”

“එසේම ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදෙස් රටවල පවා සේවය කිරීමට ඉඩ සලසන හෙද පුහුණු ක්‍රමවේදයක් අප සකස් කරනවා. ඔබටත් එහි කොටස්කරුවන් වීමේ භාග්‍ය උදා වෙනවා.” යනුවෙන් මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට අවධානය

colombotoday

ගෝඨාභය ජනතාවට භාර දෙනවා. – විමල් විරවංශ

colombotoday

වල් අලි ගෙවල් බිදිති. | මිනිස් ජීවිත බිලි ගනී. | වන ජීවි නිලධාරින් නිහඩයි.

colombotoday

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දඬුවම් දිය හැක්කේ, හොරකම් වංචා නොකරන අපට පමණයි

colombotoday