Colombo Today Local News

නාමල් කුමාර අත්අඩංගුවට ගන්නා බව යුද හමුදාව කියයි…

යුද හමුද සේවයෙන් පලා යාම සම්බන්ධයෙන් නාමල් කුමාර එරෙහිව ඉදිරියෙ දී හමුදා පරීක්ෂණයක් ආරම්භ කර ඔහු අත්අඩංගුවට ගන්නා බව යුද හමුදාව පවසයි.

නාමල් කුමාර සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණ අවසන් වු පසු හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන බවත් හමුදා ප‍්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.

හමුදාවෙන් පලා ගිය පුද්ගලයකු සම්බන්ධයෙන් හමුදාව ගන්නා ක්‍රියාමාර්ග නාමල් කුමාර සම්බන්ධයෙන්ද ගන්නා බවද බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කරයි.

නාමල් කුමාර හමුදාවේ රාජකාරි කළ පුද්ගලයකු යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව යුද හමුදාවෙන් කළ විමසුමකදී ඔහු හමුදාවේ රාජකාරි කර ඉන් පලාගොස් ඇති අයකු බවට තහවුරු කළ බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

නැඳුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් කරන්න අනුමැතිය

colombotoday

බදියුදීන් මොහොමඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

colombotoday

අපටත් ඕනෑ අයිතීන් – සංක්‍රාන්තික ලිංගිකයෝත් සටනට

colombotoday

ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දෙය සම්බන්ධන් දේශපාලනයෙන් කරනවා.. සහජීවනය කියා දියයුත්තේ උතුරේ අන්තවාදීන්ටයි

colombotoday

මා සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා

colombotoday

“කොලොන්නාව තෙල් ගබඩාව ඉන්දියාවට විකිණීමට පිඹරුපත් සකසා අවසානයි” – වෘත්තීය සමිති

colombotoday