Colombo Today Local NewsNew Constitution

නව ව්‍යවස්ථා යෝජනාවල තියන්නේ NGO කාරයන්ගේ අදහස් – මධ්‍යම මහඇමති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී සැබෑ ලෙසම ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස් නියෝජනයවන පරිදි මහජන අදහස් විමසීමේ ක්‍රමවේදයක් අනුගමනය කර ඇත්දැයි ප්‍රශ්නයක් මතුවන බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක පවසයි.

“කමිටුවක් පිහිටුවලා දිවයින පුරා අදහස් විමසීම ආරම්භ කළා. මට ඒ වාර්තාව කියවූ විට දැනුණේ රාජ්‍ය නොවන සංවිධාන වැනි සීමිත කණ්ඩායම් වර්ග කීපයක අදහස් තමයි ඒ වාර්තාවේ අඩංගු වෙන්නේ,” යැයි මහඇමතිවරයා පවසයි.

ජනතාවට වඩාත් සමීප වී අදහස් විමසිය හැකි ක්‍රමවේදයක් සැකසීමේ වැදගත්කම මහ ඇමතිවරයා පෙන්වා දෙයි.

“මහ නගර සභාවක සියලුම කාර්ය මණ්ඩල නියෝජනයවන , වෛද්‍යවරු, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඉන්න වියත් සභාවකදී මම විමසීමක් කළා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරුණු විමසීමට පත් කළ කමිටුවට මෙතන ඉන්න කවුරුන් හෝ අදහස් ලබා දී තිබෙනවද කියලා. අදහස් ලබා දීපු කිසිම කෙනෙක් එතන හිටියේ නැහැ, මම ඇරෙන්න.” ඔහු පැවසීය.

කෙන්යාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී ඒ සඳහා මහජන අදහස් ලබා දෙන ලෙස ඉල්ලා රූපවාහිනි පුවත් විකාශය අතරතුර දැන්වීම් පළ වූ බවත් මහ ඇමතිවරයා පෙන්වා දුණි. “එවැනි අවස්ථාවක් ලබා දුන්නොත් කාටවත් කියන්න බැහැ අපෙන් අදහස් ගත්තේ නැහැයි කියලා,”ඔහු පැවසීය.

කෙසේවෙතත් 1972 සහ 1978 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසීමේදී මහජන අදහස් විමසීමක් සිදු නොවූ බවත් මහ ඇමතිවරයා කියා සිටියේය.

BBC

Related posts

අඩු ආදායම්ලාභීන්ට සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ

colombotoday

රජය – ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 පාරට බහිනවා – ජෝසෆ් ස්ටාලින්

colombotoday

කිලෝමීටරයකටවත් නැති පාරක් හදන්න වසර එකහාමාරකටත් වඩා කාලයක් යනවා.

colombotoday

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday

ලංකාවේ සියලු නීති වලට ගරු කරන්න සංචාරකයන්ට පිස්සු නැ…

colombotoday

සංවර්ධනය කියලා හැම නායකයෙක්ම පරිසරය වනසනවා. | ආදිවාසී නායකයා කියයි.

colombotoday