Colombo Today Local News

නව ව්‍යවස්‌ථාව නිරීක්‍ෂණයට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව – මානව හිමිකම් උල්ලංඝනය වීම සහ වගවීමේ යාන්ත්‍රණය ගැන නිරීක්‍ෂණය කිරීම සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස්‌ වේල්ස්‌ මහත්මිය අද (09 දා) මෙරටට පැමිණෙයි.

ඔක්‌තෝබර් 11 දා දක්‌වා මෙරට නතර වී සිටින ඇය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු රජයේ උසස්‌ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

චීනය විසින් හම්බන්තොට වරාය හමුදා කඳවුරක්‌ කරනු ඇති බවට ඇමරිකාව කළ ප්‍රකාශයට සමගාමීව ඇලිස්‌ වේල්ස්‌ගේ සංචාරය සිදුවේ.

ඇය මෙයට පෙරද ශ්‍රී ලංකාවට පැමිණියාය.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

ගෝඨාභය දැනටමත් දිනලා ඉවරයි. ඡන්දය නොදෙන මුස්ලිම්වරුන්ට අම්බානකට කන්න වෙනවා

colombotoday

යකඩ බෝල 669 ක් සමඟ ගාල්ලේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට…

colombotoday

සොල්දාදුවෙකු ලෙස රට වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි. | ජනපතිගෙන් සුභ පැතුම්

colombotoday

ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට

colombotoday

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday