Colombo Today Local NewsNew Constitution

නව ව්‍යවස්ථාවකට මෙය උචිත අවස්ථාව නොවේ – රෝහණ මහා සංඝ සභාවත් නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරයි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේදී හදිසියෙන් ගෙනඒම යෝග්‍ය නැතැයි උඩුමලගල මහින්ද ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහනාහිමි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

‘‘ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවස්ථාවක් ඇතිකිරීමේ කතාබහ වැඩිවැඩියෙන් සිදුවන වකවානුවකි. මේ සම්බන්ධයෙන් මහාසංඝයා වහන්සේලා හා ගිහි පින්වතුන් විවිධ අදහස් දක්වමින් එකිනෙකාට දෝෂාරෝපණය කරගන්නා අවස්ථා පවා වර්තමානයේ දැකිය හැකිය.

මේ සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ඇතිවීම හෝ සමාජයේ වාදභේද ඇතිකර ගැනීම ජාතික ඒකාබද්ධතාවයට ඇතිවිය හැකි හානිය තීව්‍රවිය හැක. වගකිව යුත්තන්ගේ වගකීම හා යුතුකම වනුයේ එවැනි තත්ව වළක්වා ගැනීමයි.
එබැවින් එවැනි තත්වයකට තුඩුදෙන නව ව්‍යවස්ථාවක් ගෙනඒමේ හදිසිය යෝග්‍ය නොවේ. එම කලබලය ඉක්මන් කොටවීමට හේතුවිය හැකිය.

විශේෂයෙන් නව ව්‍යවස්ථාවක් සඳහා ප්‍රමුඛතා හඳුනා ගැනීමටත් ඒ සඳහා සමාජයේ විවිධ තල නියෝජනය කරමින් එනම් උගතුන් වියතුන් ඒ පිළිබඳ විශාරදයන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන්, විනිසුරුවරුන්, විවිධ වෘත්තිකයින් මෙන්ම මේ රටේ ප්‍රබුද්ධ මහ සඟරුවන නියෝජනය කරන විශේෂ කමිටුවක් නිර්මාණය කිරීමෙන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනමතය අනුව එය සම්මත කරගැනීම වඩාත් නුවණට හුරු කාර්යයයි.

රටතුළ එවැනි හදිසි ව්‍යවස්ථාවකට වඩා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය, එකමුතුකම හා ඔවුන්ගේ ජීවන ගැටළු වෙන්වෙන් විශේෂ අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කරගත යුතු බැවින් ඒ ගැන නොසලකා කෝටි ගණන් ජාතික ධනය වැයකොට නව ව්‍යවස්ථාවකට යාමේ හදිසිය කෙසේවත් වගකිව යුතු සංඝ සභාවක් වශයෙන් අනුමත කළ නොහැකි බව මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාව අවධාරණය කර සිටිමු.‘‘

Related posts

හෝමාගම කර්මාන්තශාලාවේ ගින්නෙන් වායු ගෝලයට සහ අවට පරිසරයට හානි

Admin

එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රීන් පොහොට්ටුව ලකුණින් පළාත් සභා මැතිවරණයට

colombotoday

රටම කඳුළින් තෙත් කළ සුනාමි ඛේදවාචකයට 18 වසරක් ගෙවී අවසන්

Admin

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිවසත් අළු වෙයි

colombotoday