මාරවිල ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි ධීවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඔහු සමඟ මුහුදු ගිය ධිවරයන් පස්දෙනෙකු ද මුහුදේදී ඇතිවූ උණ තත්ත්වයක් හේතුවෙන් ආපසු ගොඩබිමට පැමිණ රෝහල් ගත වී තිබේ.
එහිදී සිදුකළ පරීක්ෂණවලින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව හෙළි වී ඇත.
ඔහු සමඟ සිටි සෙසු පිරිස නිරෝධායනයට කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් දික්ඕවිට වරාය තාවකාලිකව වසා දමා ඇත.