Colombo Today Local News

දේශපාලන පත්‍රිකාවලට තමන්ගේ ඡායාරූප යොදාගැනීම ගැන කාදිනල්තුමාගෙන් නිවේදනයක්

මෙවර මහ මැතිවරණයේදී තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව ඇතැම් අපේක්ෂකයින් සිය මැතිවරණ දැන්වීම් සහ ප්‍රචාරක පත්‍රිකාවල, තමාගේ ඡායාරූපය භාවිත කරමින් සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

තමා මුණ ගැසීමට පැමිණි අවස්ථාවන්වලදි ලබාගත් ඡායාරූප ඔවුන් මෙලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරමින් සිටින බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව දන්වා තිබේ.

අදාල නිවේදනය මගින් කාදිනල් හිමිපාණන් පෙන්වාදෙන්නේ තමා හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් සමග පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බවය.

තම හෘද සාක්ෂියට අනුව කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට සෑම පුරවැසියෙකු සතු ප්‍රජාතාන්ත්‍රික අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බව ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

ගෝඨාභය අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය තීන්දු කරයි !

colombotoday

දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරික්ෂණ අරඹයි

colombotoday

යෝෂිත මන්ත්‍රීවරුන්ට ඩො.මි. 3 ක් දෙන්න හදනවා – මංගල සමරවීර චෝදනා කරයි

colombotoday

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday

රටටම වස කවා මාට්ටුයි… නිවු රත්න සහල්’ මෝල වසා සීල් තබයි..

colombotoday

පොලිස්පතිගේ විරෝධය නොතකා, රහස් පොලිසියේ මුල් පුටුවට ශානි අබේසේකර පත්කරයි !

colombotoday