Colombo Today Local News

දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තබයි. නිරෝධායන නීති කැඩූ මහවැව දේවගැතිවරයකුට නඩු

මාරවිල නගරයේ නිරෝධායන නීතිරීතිවලට පටහැනිව පිරිස් රැස් කර දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තැබීමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේය.

16 වෙනි දින දහවල් මෙමම වැටලීම සිදු කලේය.

මෙම දේව මෙහෙය පැවැත් වූ දේවගැතිවරයාට එරෙහිව නිරෝධාන පනතට අනුව නීතිමය කටයුතු කරන බව මහවැව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී. එම්. වජිර නිලන්ත මහතා පැවසීය.

මාරවිල පොලිසියේ නිලධාරීන් හා මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මෙම ස්ථානය වැටලීමේදී පුද්ගලයන් 27 දෙනෙකු ආගමික ස්ථානයේ රැඳී සිටි අතර පිරිමි පුද්ගලයන් 09 දෙනෙක්, කාන්තාවන් 18ක් සහ කුඩා ළමුන් හතර දෙනෙක් ද ඒ අතර විය. මව්මවුවරුන් දෙදෙනෙක් අත දරුවන් රැුගෙන පැමිණි සිටි අතර එම දරුවන් දෙදෙනාට මුඛ ආවරණ ද පැළඳවීමට කටයුතු කර නොතිබිණි.

දේවගැතිවරයා මීට පෙර ශබ්ද විකාශන යන්ත‍්‍ර උපයෝගී කර ගනිමින් ද දේශනා සිදු කර ඇති අතර ඊට අදාලවද මීට පෙර මොහුට විරුද්ධව නඩුවක් පවරා තිබේ.

යාපනය ප‍්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙලෙස පැවැත්වූ ආගමික කටයුත්තක් හේතුවෙන් පුද්ගලයන් රැසකට කොරෝනා වැළදුණු අතර විශාල පිරිසක් නිරෝධාන කටයුතුවලට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

මෙවැනි තත්ත්වයක් හමුවේ පුද්ගලයින් ඒකරාශී කරගෙන මෙවැනි වැඩ වැඩසටහන් සංවිධානය කිරීම නීතිවිරෝධී බව ද සඳහන් කරමින් සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් රැස්ව සිටි පිරිසට දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට කටයුතු කළේය.

ආගමික ස්ථාන පවත්වාගෙන ගිය ක‍්‍රිස්තියානි දේවගැතිවරයාට නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට නියමිතයි.

අමරනන්ද විජේසේකර- මහවැව

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයි

colombotoday

මරාගෙන මැරුණු ත්‍රස්තයන්ගේ සිරුරු කොටස් ඌරු තෙල්, උරු මල – මුත්‍ර ගල්වා වලදමයි… ස්වර්ගයත් නෑ, කන්‍යාවියෝ 72ත් නෑ…

colombotoday

අද නිරිත දිගට තද වැසි

Admin

ශ්‍රී ලංකන් බර තවත් දරන්න බෑ.. තුන් මසක් ඇතුළත වෙන රටකට දී බරෙන් නිදහස් වෙනවා

colombotoday

මහර ගැටුම – විද්වත් කමිටු වාර්තාව අධිකරණයට

colombotoday