කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම අප්‍රේල් 20 වැනි වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
මීට ඉහත වාර්තා වූයේ සියලුම පාසල් වල අධ්‍යාපන චාරිකා අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබෙන බවකි.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මතුව ඇති හදිසි තත්ත්වය සළකා බලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මෙම නියමය පුද්ගලික පාසල් සම්බන්ධයෙන් ක්‍රියාත්මකද නැද්ද යන්න තවම දන්වා නැත.