දියතලාවේ බස් රියක සිදුවූ අත් බෝම්බ පිපිරීම පිළිබඳව සොයා බැලීම සඳහා යුධ හමුදාපති. ලුතිනන් ජනරාල් මහේෂ් සේනානනායක මහතා විසින් පස් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
මෙම පිපිරීමෙන් 19 දෙනෙක් තුවාල ලැබූ අතර එයින් 12 දෙනෙක් හමුදා සාමාජිකයෝ වූහ.
යුද හමුදා සාමාජිකයෙකුගේ බෑගයක් තුළ තිබූ අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව වී තිබේ යැයි පැවසෙන අතර මෙය ත්රස්තවාදී ක්රියාවක් නොවන බව හමුදාව තහවුරු කර තිබේ.