Colombo Today Local News

මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදී අවශ්‍යතා වෙනුවෙනුයි – බෙංගමුවේ නාලක හිමි

වත්මන් ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයැයි මහනායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක්. ප්‍රකාශ කර ඇත්තේ විදේශ බලවේගවල හා දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ ඊයේ(22දා) පැවසූහ.

විදේශීය බලවේගවල රූකඩයක් වී නැටවෙන වත්මන් ආණ්ඩුව අස්ථාවර කළයුතුයැයි පසුගිය මැතිවරණයේදී ජනතාව ප්‍රකාශ කර තිබෙන බවත්,එය පිළිගැනීමට භික්ෂූන් වහන්සේලා සූදානම් විය යුතු බවත් එහිමියෝ සඳහන් කළහ.

ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමියෝ,

“මේ දවස්වල මහනායක හිමිවරු ඇතුළු සංඝයා වහන්සේලා,ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන පක්ෂ මේ ආණ්ඩුව අස්ථාවර කරන්න එපා කියාගෙන යනවා.ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් ජනතාව දීපු උත්තරය වුණේ ආණ්ඩුව අස්ථාවර කළ යුතුයි කියලා.බොහෝ දෙනා නොදන්නවාට මේ ආණ්ඩුව අස්ථාවර නොකර ස්ථාවරව තියාගැනීමේ ප්‍රබලම අවශ්‍යතාව තියෙන්නේ විදේශ බලවේගවලට හා දෙමළ බෙදුම්වාදීන්ට.මහනායක හාමුදුරුවෝ වුණත්,අනෙක් සංඝයා වහන්සේලා වුණත්,මේ ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයි කියන්නේ විදේශ බලවේගවල හා දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා.ඒක දැන කරනවද, නොදැන කරනවද කියලා අපි දන්නෙ නෑ.නමුත් මේ රටේ හාමුදුරුවරු හැටියට යමක් කියනවා නම් වගකීමක් ඇතිව කියන්න ඕන.අපි දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් කරලා එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා රනිල් වික්‍රමසිංහ හොරෙක් කියලා ඔප්පු කළොත් ගෝල්ෆේස් එකේ බෙල්ල කපාගන්නවා කියලා.මේක විලිලැජ්ජ නැති කතාවක්.මේ සංඝයාවහන්සේලාද සිවුරු දරාගෙන ඉන්නේ කියන සැකය තියෙනවා.අඩුගාණේ මම සිවුරු අරිනවා කියලා කිව්වනම් ඒක කමක් නැහැ.රනිල් වික්‍රමසිංහ මහතා හොරෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි.බැඳුම්කර වංචාවේ මූලික විත්තිකාරයා රනිල් වික්‍රමසිංහ.අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවේ රනිල් වික්‍රමසිංහ.අර්ජුන් මහේන්ද්‍රන්ගේ මූලිකත්වයෙන් කමයි බැඳුම්කර මහහොරකම සිදුවුණේ.ඒ නිසා ඒ හොරකම කරන්න මූලිකයා වුණේ රනිල් වික්‍රමසිංහ.දැන් අපි ඒ උන්නාන්සේට කියනවා බෙල්ල කපාගන්න කියලා.මේ ගොල්ලෝ හදන්නේ ආණ්ඩුවෙන් සල්ලි දීලා හරි කමක්නැහැ මොනවාහරි කරලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා ආණ්ඩුවට පක්ෂව කරුණු කියන්න.ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් පැහැදිලිව ආණ්ඩුවට විරුද්ධව වැඩි ඡන්ද ප්‍රමාණයක් මහජනතාව ප්‍රකාශ කළා.නමුත් දැන් ආණ්ඩුව කරන්නේ ජනමතයට ඇහුම්කන් දෙන එක නෙමෙයි.මේක රූකඩ ආණ්ඩුවක් නිසා මේ අයට ජනමතයට ඇහුම්කන් දෙන්න බැහැ.සාමාන්‍යයෙන් රඟපෑමක් කරනවා නම් නළුවෝ නිළියෝ වේදිකාවට ඇවිත් රඟපෑම් කරන්නේ.දැන් මේ සිරිසේන රනිල් රඟපෑමක් නෙමෙයි කරන්නේ.ඒගොල්ලො රූකඩයෝ.සී.අයි.ඒ. එකයි රෝ එකයි, දෙමළ බෙදුම්වාදීන්,ඩයස්පෝරාව පිටුපස්සෙන් ඉඳගෙන මේ රූකඩ ටික නටවනවා.ඒ නිසා මේ ආණ්ඩුවට රඟපෑම් කරන්නවත් බැහැ.ඒ රූකඩ ආණ්ඩුව ස්ථාවර කරන්න කියලා කියන්න පුළුවන් මොන මෝඩයටද?ඒ නිසා භික්ෂූන් වහන්සේලා හැටියට යමක් ප්‍රකාශ කරනකොට කරුණු දැනගෙන හරියට ප්‍රකාශ කරන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.බලයට රැවටිලා පන්දම් අල්ලන්න එපා කියලා මහනායක හිමිවරු ඇතුළුව භික්ෂූන් වහන්සේලාට මතක් කරනවා.මහානායකකමත් එක්ක නුවණ ලැබෙන්නැහැ.ඒක අපි තේරුම් ගන්න ඕන.තනතුරක් ලැබුණට නුවණ ලැබෙන්නැහැ*යනුවෙන් පවසා සිටියහ.

Related posts

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday

නයිජීරියාව ඇතුලූ රටවල් 11 සඳහා ශ්‍රී ලංකා විසා නීති තද කරයි

colombotoday

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

“ඥානසාර හාමුදුරුවෝ අපි නිසයි හිරබත් කන්නේ” – සිරගත කර ඇති රණවිරුවෝ කණගාටුවෙන්

colombotoday