Colombo Today Local News

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල යළි විවෘත කරයි

බේරුවල යළි විවෘත කරයි

කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා නගර බවට පත්කර, සංචරණ සීමා පනවා තිබූ බේරුවල(පන්නිල සහ චීනකොටුව) යන පෙදෙස්වල සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා බලපෑම බහුල පෙදෙස්බවට තීරණය කිරීම හේතුවෙන් බේරුවලට අප්‍රේල් 14 වැනිදා සිට සංචරණ සීමා පනවා තිබිණි.

ඒ අනුව අද සිට මෙම ප්‍රදේශයන්හි සංචරණ සීමාවන් ලිහිල් වනු ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ යළි විවෘත කරයි

මධ්‍යම පළාතේ  කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනෙකු හමු වීම හේතුනේ දින 37 ක්  හුදකලා  කර තිබූ අකුරණ ප්‍රදේශය අද (03) වනදා සිට යළි විවෘත කරනු ලැබ තිබේ.

කොවිඩ්  19 වෛරසය ආසාදිත රෝගීන් කිහිප දෙනෙකු මුලින් හමු වීමත් සමඟ අකුරණ ප්‍රාදේශිය  ලේකම්  කොට්ඨාසයට අයත් ග්‍රාම නිළධාරි වසම් 18 ක් හුදකලා කරනු ලැබූ අතර පුද්ගලයින් 144 දෙනෙකු නීරෝධායන මධ්‍යස්ථානවට යොමු කර තිබිණ.

කෙසේ නමුත් එලෙස නීරෝධායනය වූ පුද්ගලයින් අතර කිසිවෙකුටත් වෛරසය ආසාදනවී නොතිබූ අතර මුල්  ආසාදිතයින්ගෙන් පසුව වෙනත් කිසිදු ආසාදිතයෙකුද මෙම ප්‍රදේශයෙන් හමු  නොවිණ.

මේ අනුව හෙට 04 වනදා දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ අකුරණ ප්‍රදේශයේද දින 37 කට පසුව ඇඳිරි නීතිය  ඉවත් කිරිමට නියමිතව තිබේ

Related posts

“පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා“ – ඇමති ඉරාන්

colombotoday

බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ

colombotoday

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පුර්ණ පරීක්ෂණ වාර්තා 18ක් වැඩබලන පොලිස්පතිවරයාට නැවත යවයි

colombotoday

IOC ඉන්ධන මිල ඉහළට

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

colombotoday